Home World News Room : චීනයෙන් ආකර්ෂණීය ආයෝජන අවස්ථා – දිනමිණ

News Room : චීනයෙන් ආකර්ෂණීය ආයෝජන අවස්ථා – දිනමිණ

1
0

විදේශ ආයෝජන ප්‍රවර්ධන විධිවිධාන තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගන්නා බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

‘රටේ ආයෝජන පරිසරය යහපත් කරමින් විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩල යෝජනාවලිය’ පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කෙරිණ. මේ වන විට එය ක්‍රියාත්මක කිරීමෙන් සක්‍රිය ප්‍රගතියක් ලබා ඇති බවත්, විදේශ ආයෝජකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදෙමින් එය තවදුරටත් පවත්වාගෙන යන බවත් චීන වාණිජ අමාත්‍යාංශයේ ඊයේ (28) පැවති විදේශ ආයෝජන ව්‍යාපාර වටමේස සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණ.

චීන – ඇමරිකානු වාණිජ සංගමය, චීන-යුරෝපා වාණිජ සංගමය ඇතුළු චීනයේ විදේශ වාණිජ සංගම්වල මෙන්ම 60 කට අධික විදේශ ව්‍යාපාරයන් හි නියෝජිතයෝ සාකච්ඡාවට එක්වූහ. ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම සඳහා චීන රජය දරන දැවැන්ත ප්‍රයත්න ඔවුන්ගේ පැසසුමට ලක්විය. චීනය විදෙස් ආ‍යෝජකයන්ගේ විශ්වසනීයත්වය මැනැවින් දිනාගෙන ඇතැයි ද ඔවුහු කියාසිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here