3
ජනගහණය අඩු විමේ බරපතළ අර්බුදයකට මැදි වී සිටින ජපානයේ විවාහ සංඛ්‍යාව පසුගිය වසරේදී 4,89,281කින් පහත වැටී ඇතැයි එරට රජයේ සංඛ්‍යාලේඛන වාර්තාවෙන් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එය 5.9% ක අගයක් පෙන්නුම් කරන බවත්, එවැනි අඩු විවාහ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු පළමුවරට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මීට අමතරව ජපානයේ දරු උපත් අනුපාතය ද 5.1% කින් පහත වැටී ඇති අතර, පසුගිය වසරේදී එරට දරු උපත් සංඛ්‍යාව 7,58,631කින් පහත වැටී ඇතැයි ජපාන රජයේ දත්තවලින් පෙන්නුම් කෙරෙන බව වාර්තා වේ.
ජපානයේ ජනගහණය 2021 දී මිලියන 125.7ක් වූ බවත්, එය 2035 වන විට මිලියන 87 දක්වා 30% කින් පහළ වැටෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.






