Home World News Room : කංසා භාවිතයට ජර්මානු පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

News Room : කංසා භාවිතයට ජර්මානු පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

0
0

විනෝදාස්වාදය සඳහා භාවිත කිරීමට අවසර දීම වෙනුවෙන් කංසා නීතිගත කිරීමට ජර්මනියේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නීතියට අනුව ජර්මනියේ අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට සැලකිය යුතු ප්‍රමාණයක කංසා ළඟ තබා ගැනීමට අවසර ලැබෙන අතර, බොහෝ පොදු ස්ථානවල කංසා දුම් පානයට ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට අවසර ලැබේ.

මේ සම්බන්ධව පසුගියදා එරට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී එම අනුමැතියට පක්ෂව ඡන්ද 407ක් ලැබී ඇති අතර, ඡන්ද 226ක් විපක්ෂව ලැබී ඇතැයි ද වාර්තා වේ.

කංසා භාවිතය සහ ළඟ තබා ගැනීමේ අනුමැතිය යටතේ අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට ග්‍රෑම් 25ක ප්‍රමාණයක් පොදු ස්ථානවල ද, ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සිය නිවෙසේදී ද තබා ගැනීමට අවසර ලැබෙන අතර, පෞද්ගලික පරිහරණය සඳහා කංසා පැළ තුනක් වගා කිරීමට ද අවසර ලැබී තිබේ.

කංසා නීතිගත කිරීමට ජර්මානු රජයේ අවධානය යොමු වූයේ කරුණු 3ක් හේතුවෙන් බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර, කළු කඩ වෙළෙඳපොළ අඩපණ කිරීම, දූෂිත හා මාරාන්තික සංඝටක ඇතුළත් කංසාවලින් තරුණ පරපුර ආරක්ෂා කිරීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ආදායම් මාර්ග කපා හැරීම එම කරුණු අතර වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here