Home World News Room : අයිෆල් කුළුණ ගැන ලැබුණු අලුත්ම ආරංචිය

News Room : අයිෆල් කුළුණ ගැන ලැබුණු අලුත්ම ආරංචිය

0
0

පැරීසීයේ අයිෆල් කුළුණ දින 06කට පසු යළි සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමා තිබුණි.

අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කර ගෙන එහි සේවකයින් වැඩ වර්ජනයක නිරත විය.

එමෙන්ම, අදාළ ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ගිවිසුමකට එළඹුණු බව එහි පාලනාධිකාරිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන එවැනි වර්ජනය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන ජූලි මාසයේ පැරීසියේ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here