Home World News Room : ‘දිල්ලි චලෝ’ ගොවි විරෝ­ධතා අත­ර­තුර පොලිස් වෙඩි පහ­රින් තරු­ණ­‍ෙයක්...

News Room : ‘දිල්ලි චලෝ’ ගොවි විරෝ­ධතා අත­ර­තුර පොලිස් වෙඩි පහ­රින් තරු­ණ­‍ෙයක් මිය යයි

1
0

  • මවුපියෝ වග­කිවයුත්තන්ට දඬු­වම් ඉල්ලති
  • රුපි­යල් කෝටි­යක වන්දි මුද­ලත් එපා කියති

ඉල්ලීම් කිහි­ප­යක් මුල් කර­මින් පසු­ගි­යදා ඉන්දි­යාවේ ඇර­ඹුණු ගොවි විරෝ­ධතා අත­ර­තුර පන්ජාබ්- හර්යානා ප්‍රාන්ත සීමාව අස­ලදී පොලිස් වෙඩි පහ­ර­කින් මිය ගිය බව කියන 21 හැවි­රිදි තරුණ ගොවි­ය­කුගේ මර­ණය මුල් කර­මින් පැවති විරෝ­ධ­තාව තවදුර­ටත් උත්සන්න වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම මර­ණය සිදු වී ඇත්තේ විරෝ­ධතා මැඬපැවැ­ත්වී­මට පොලි­සිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහා­ර­යෙන් කෝප­යට පත් දහස් සංඛ්‍යාත ගොවීන් ආර­ක්ෂක අංශ සමඟ ගැටු­මක් ඇති­ක­ර­ගත් අව­ස්ථා­වේදී බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ෂුභා­ක­රන් සිං නමැති තරුණ ගොවි­යාගේ මර­ණ­යත් සමඟ ගොවි විරෝ­ධතා මෙහෙය වූ එහි නාය­ක­යන් රජය සමඟ සාකච්ඡා කිරීම නවතා දමා ඇති අතර, මර­ණ­යට සම්බන්ධ පුද්ග­ල­යන්ට දඬු­වම් කර­න­ තුරු මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ මර­ණ­යට වන්දි වශ­යෙන් ඉන්දිය රජය විසින් පරි­ත්‍යාග කරනු ලැබූ රුපි­යල් කෝටි­යක වන්දි මුදල ද පවුලේ සාමා­ජි­ක­යන් ප්‍රති­ක්ෂේප කර ඇතැයි එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

බෝග වර්ග 23කට සහ­තික මිලක් නියම කරන ලෙසත්, ගොවි ණය කපා හරින ලෙසත්, වසර 2021දී ගොවි විරෝ­ධ­තාවේ නිර­ත­වූ­වන්ට එරෙ­හිව ගොනු කළ නඩු ඉවත් කර­ගන්නා ලෙසත් ඉල්ලා එරට ප්‍රාන්ත කිහි­ප­යක සිට නව­දිල්ලි නුවර දක්වා ආරම්භ කළ ‘දිල්ලි චලෝ‘ (දිල්ලි යමු) නමැති ඉන්දීය ගොවි විරෝ­ධතා පා ගමන අඛ­ණ්ඩව පැවැ­ත්වී­මට ද ගොවි සංගම් නාය­ක­යන් තීර­ණය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here