Home World News Room : චීනයේ නෞකාවක් පාලමක ගැටී කොටසක් කඩා වැටෙයි

News Room : චීනයේ නෞකාවක් පාලමක ගැටී කොටසක් කඩා වැටෙයි

1
0

දකුණු චීනයේ ගුවැංෂූ ප්‍රාන්තයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ හිස් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පාලමක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් තිදෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම මේ අනතුර සිදු වී ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන නෞකාව කුලුනක ගැටී පාලමේ කොටසක් කඩා වැටීමෙන් ඒ මොහොතේ ගමන් කරමින් තිබූ මෝටර් රථ ඇතුළු වාහන 5ක් නෞකාවට සහ ගංගාවට වැටී ඇතැයි ද වාර්තා වේ.

රියැදුරු පමණක් සිටි බස් රථයක්, තිදෙනකු ගමන් ගත් කුඩා කැබ් රථයක් සහ යතුරුපැදියක් ද අනතුරට ලක් වූ වාහන අතර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මේ වනවිට නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර පිළිබඳ පරික්ෂණයක් සිදු කිරිමට නියමිතය.

The post චීනයේ නෞකාවක් පාලමක ගැටී කොටසක් කඩා වැටෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here