37
බන්ධනාගාරයේදී මිය ගිය බව කියන රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධව කඩිනම් හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔහුගේ මළ සිරුර වහාම පවුලේ සාමාජිකයන්ට භාර දෙන ලෙසත් බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් කැමරොන් රුසියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නවාල්නිගේ මරණයට සම්බන්ධ කිසිවකුට වුවද දඬුවම් ලබා දිය යුතු බව ද බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඇලෙක්සි නවාල්නි රඳවා සිටි බන්ධනාගාරයේ ප්‍රධානින් 6 දෙනකුට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇති අතර, බ්‍රිතාන්‍යයේ ඇති ඔවුන්ගේ වත්කම් රාජසන්තක කිරීමට ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.






