Home World News Room : වසර 2025දී චීනයට මිලියන 20ක පුහුණු කම්කරු හිඟයක්

News Room : වසර 2025දී චීනයට මිලියන 20ක පුහුණු කම්කරු හිඟයක්

2
0

වසර 2025 වන විට චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ මිලියන 30ක පුහුණු කම්කරුවන්ගේ හිඟයක් ඇතිවනු ඇතැයි එරට මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. තාක්ෂණයෙන් ලොව පෙරළිකාර රටක් බවට පත්වී සිටින චීනයේ මේ වන විට කම්කරුවන්ගේ හිඟයක් පවතින බවත්, එරට වෘත්තීය අධ්‍යාපන ක්‍රමවේදය තවදුරටත් ජනතාවගේ අවධානයට ලක් නොවන්නේ නම් මේ හිඟය වර්ධනය වනු ඇතැයි ද චීනයේ මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විශේෂඥ ගුරුවරුන් සහ ආයතනික අංශයේ දිරිගැන්වීම් නොලැබීම මත මේ තත්ත්වය හටගෙන ඇතැයි ද වාර්තා වේ.

එරට නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ විශාල හිඟයක් පවතින බව 2022 දී චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ වාර්තාවකින් අනාවරණය වී ඇති අතර, එවැනි ශ්‍රමිකයන්ගේ හිඟයෙන් බලපෑම් එල්ල විය හැකි ක්ෂේත්‍ර 100ක් පමණ හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ක්ෂේත්‍ර අතර නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන 41ක් ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here