Home World News Room : අමෙරිකාවේ නිෂේධ බලයෙන් ගාසා සටන් විරාම යෝජනාව සිවුවැනි වරටත්...

News Room : අමෙරිකාවේ නිෂේධ බලයෙන් ගාසා සටන් විරාම යෝජනාව සිවුවැනි වරටත් පරදවයි

4
0

අමෙරිකාව සිව්වැනි වරටත් නිෂේධ බලය භාවිත කරමින් පලස්තීනයේ ගාසා තීරයට සටන්විරාමයක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල කෙටුම්පත ඉවත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව ගත් මේ පියවර සම්බන්ධව ලොව පුරා රටවල් රැසක් දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රටවල් 15ක් සාමාජිකත්වයෙන් සමන්විත ආරක්ෂක කවුන්සිලයේ පෙරේදා පැවැති රැස්වීමේදී ඇල්ජීරියාව විසින් කෙටුම්පත් කරනු ලැබූ එම සටන් විරාම යෝජනාවට පක්ෂව රටවල් 13ක් ඡන්ද භාවිත කර ඇති අතර, බ්‍රිතාන්‍ය එම රැස්වීමට සහභාගි නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ.

එම සටන් විරාම යෝජනාවට සහාය පළ කිරීම පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතියට සහයෝගය දැක්වීමක් බවත්, ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීම ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නයිජීරියා තානාපති අමාර් බෙන්ජමා ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here