Home Politics News Room : පොසොන් පින්කම්වලට ආණ්ඩුව පැත්තෙන් කිසිම අඩුවක් කරන්නේ නැහැ අගමැති...

News Room : පොසොන් පින්කම්වලට ආණ්ඩුව පැත්තෙන් කිසිම අඩුවක් කරන්නේ නැහැ අගමැති දිනේෂ් ගුණවර්ධන

1
0

මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර පොසොන් පුණ්‍යෝත්සවය සඳහා, මූල්‍ය ලෙස හෝ කිසිදු ආකාරයක අඩුපාඩුවක් රජය පාර්ශ්වයෙන් සිදු නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය බැඳියාව ව්‍යවස්ථාවේ තිබෙනවා.සම්බුද්ධ ශාසනය සුරකිමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා ආණ්ඩුව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කටයුතු කරමින් සිටිනවා.

මිහින්තලා පුද බිමට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිදු කරන ඒ උතුම් පුණ්‍ය කර්මයට ශ්‍රී ලංකාවාසී සෑම පාලන තන්ත්‍රයක්ම සහභාගි වුණා. එය වඩාත් ඔපවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය කාල පරිච්ඡේදයෙන් පසු ඒ වෙනුවෙන් සුවිශේෂ උත්සව හා සංවිධාන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම, 1972 ජනරජ ව්‍යවස්ථාව අද වැනි දිනයකයි ප්‍රකාශයට පත් කළේ. එදා ආණ්ඩුක්‍රම පනතට ඡන්දේ දුන්නු මහින්ද රාජපක්ෂ මහතා හා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ සභාවේ එහා පැත්තේ ඉන්නවා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත්, සම්බුද්ධ ශාසනයේ දියුණුවටත් රාජ්‍ය බැඳියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළා. 78 ව්‍යවස්ථාව ද එම වගන්තිය තවදුරටත් ඉදිරියට ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ආරක්ෂා කිරීම පමණක් නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ඇති කළ යුතු විවිධ දේශීය හා ජාත්‍යන්තර වැඩකටයුතු කරගෙන යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here