Home Politics News Room : යූ709 තේ පොහොර රුපියල් 11,000 තෙක් පහතට

News Room : යූ709 තේ පොහොර රුපියල් 11,000 තෙක් පහතට

3
0

තේ වගාව සඳහා යොදා ගන්නා යූ 709 පොහොර වර්ගය අද වන විට රුපියල් 11,000ක් දක්වා මිල අඩු වී ඇති බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අැමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අැමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අැමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

2022 වසරේදී යූ 709 කිලෝ පනහේ පොහොර බෑගයක මිල රුපියල් 35,000ක් දක්වා ඉහළ ගියා. මෙම මිල අඩු වීම තේ ගොවීන්ට විශාල සහනයක් .හෙතෙම පෙන්වා දුන්නේ පසුගිය වසරේදී ඇති වූ පොහොර හිඟය හා පසු අස්වනු හානිය තේ වගාවට දැඩි ලෙස බලපෑවා.

කාබනික පොහොර භාවිතය සඳහා ක්‍රමානුකූලව යොමු කිරීමේ වැඩසටහන් දිගුකාලීනව ක්‍රියාත්මක කිරීම, පසු අස්වනු හානිය අවම කිරීම සඳහා පියවර ගැනීම ආරම්භ කර තිබෙනවා. ආදර්ශ තේ වතු පිහිටුවා කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම, නව තේ ප්‍රභේද හඳුන්වා දීම වෙනුවෙන් පර්යේෂණ සිදු කිරීම ආදී වශයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලයේදී තේ සඳහා භාවිත කරන යූ 709 කියන පොහොර වර්ගය කිලෝ පනහේ බෑගය රුපියල් 35000 ක් වැනි මිලකට ඉහළ ගියා. නමුත් ක්‍රමානුකුලව එහි මිල අඩු වී තිබෙනවා. ඒ පොහොර කිලෝ පනහක අද මිල රුපියල් 11,000ක් පමණ වෙනවා. වෙළෙඳ පොළ මිලට සාපේක්ෂවයි මෙය ලබා දෙන්නේ. නමුත් මෙහි මිල අඩු වීම විශාල වාසියක්. පසුගිය වසරේදී පොහොර හිඟය හා පසු අස්වනු හානිය නිසා තේ වගාවට විශාල හානියක් සිදු වුණා.

 

ඇමැති රමේෂ් පතිරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here