Home Politics News Room : රටට අලුත් දේශපාලන ගමනක් අවශ්‍යයි

News Room : රටට අලුත් දේශපාලන ගමනක් අවශ්‍යයි

2
0

මන්ත්‍රී වජිර අබේවර්ධන

පැරණි දේශපාලන ක්‍රමවේදය ක්‍රියාත්මක කර රට තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, අලුත් දේශපාලන ගමනක් රටට අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (20) පැවති දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“අපේ රට ලෝකය හමුවේ සාර්ථකව ඉදිරියට ගෙන යෑමට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 50ක පළපුරුද්ද මත ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාම සහයෝගය දිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා මීට අවුරුද්දකට පෙරදී භාර ගත්තේ සම්පූර්ණයෙන්ම කඩා වැටුණු රටක්. රටේ ඉන්ධන තිබුණේ නෑ, රට පුරා ගෑස් පෝලිම් නිර්මාණය වී තිබුණා. කුඩා දරුවකුට කිරි වීදුරුවක් බොන්නවත් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේදී කිසිදු කොන්දේසියකින් තොරව රට භාර ගත්තේ ජනතාව වෙනුවෙන්. යම්කිසි විදිහකින් එය නොවන්නට අද අපේ රට තිබෙන තැන හිතාගන්නවත් බැරි වේවි.

ජේ. ආර්. ජනාධිපතිවරයා රගර් ගැහුවා, ප්‍රේමදාස මහත්තයා ෆුට් බෝල් ගැහුවා, ඩී. එස්. සේනානායක මහතා අශ්වයෝ පැද්දා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කළේ චෙස්. චෙස් කියන්නේ වෙනස්ම ගේම් එකක්. චෙස් ක්‍රීඩාව හැමෝටම කරන්න බෑ. ඒ මහතා මේ රටේ ඉන්න හසල දැනුමක් තිබෙන දක්ෂ නායකයෙක්. “

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here