Home Politics News Room : කම්කරු නීති වෙනස් කරන්න කියලා කිසිවකුගෙන් බලපෑම් එල්ල වී...

News Room : කම්කරු නීති වෙනස් කරන්න කියලා කිසිවකුගෙන් බලපෑම් එල්ල වී නැහැ

3
0

ඇමැති මනුෂ නානායක්කාර

කම්කරු නීති වෙනස් කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයවත්, වෙනත් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් බලපෑම් කර නැති බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ තෙවැනි සැසිය ඊයේ (17) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ආරම්භ වු අවස්ථාවේදීය.

තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. සියලුම පාර්ශ්වයන්ට එය විවෘත කර තිබෙනවා. ඒ අනුව මෙම අදහස් ලබා ගැනීම සිදු වෙනවා.

සංශෝධනය වන කම්කරු නීති සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් තවම සකස් කර නෑ. එවැනි ලේඛනයක් සකස් කරන්නේ මහජන අදහස් ලබා ගැනීමෙන් පසුව පමණයි. ඒ සඳහා විවෘත වේදිකාවක් සකස් කර තිබෙනවා. දැන් තිබෙන කම්කරු නීතිවලින් කම්කරුවා ආරක්ෂා වන්නේ නැහැ.

කම්කරු නීති සංශෝධනය ගැන මාධ්‍යයට ගිහින් කරුණු කියන්න කලින්, ඉන්ෆ්ලක්ස් වේදිකාවට ඇවිත් කරුණු කියන්න අවස්ථාව තිබෙනවා.

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here