Home Local News Room : අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න...

News Room : අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

3
0

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය ඇරමුදලේ මෙරට හා සම්බන්ධව කටයුතු කරන නිලධාරී මණ්ඩලය මෙම කරුණු අවධාරණය කළේ, මෙරටට ලබා දෙන ණය පහසුකම පිළිබඳ  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. 

ජාතන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහීරෝ නොසාකී  මෙම මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ, මැතිවරණවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.  

”මම කියන්න කැමති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කරන්නේ නැහැ. ලංකාවේ මැතිවරණය පිළිබඳ තීරණ ගන්න පුළුවන් ලංකාවේ ආණ්ඩුවටයි. ජනතාවටයි. නොයෙකුත් චෝදනා තියෙනවා . මැතිවරණවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරනවා කියලා විවිධ මත පළ වනවා, ඒත් මම පැහැදිලිව කියන්නේ පළාත් පාලන ඡන්දය කල් දමන්න කියලා අපි ලංකාවට කවදාවත් නිර්දේශ කරලා නැහැ”

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම අප්‍රේල් අගවන විට ණය හිමියන්ට ඉදිරිපත් කළ යුතු බවත්, ඒ හරහා සිය අරමුදලේ ඉලක්කයක් වන ණය තිරසරභාවය අත්කර ගත හැකි බවත් එම නිලධාරීහු අවධාරණය කළහ. 

මාධ්‍ය හමුව අමතමින් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී  පීටර් බෲවර් කියා සිටියේ,  දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවල විස්තීරණ ණය පහසුකමේ වැදගත් කොටසක් බවත් මෙමගින් අදාළ  ප්‍රතිසංස්කරණවල වාසිය ලංකිකයින්ට ලැබෙනු ඇති බවයි. 

තව ද බලධාරීන්  මූලික වශයෙන් පොදු මූල්‍ය කළමනාකරණය සහ එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට අනුකූළව ඇති දූෂණ විරෝධී නීතිරාමු ශක්තිමත් කිරීමටත් ඇප කැප වී සිටිනු ඇති බවයි. 

මාධ්‍ය හමුව අමතමින් පීටර් බෲවර් මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය. 

 
”අද ජාතන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංකාවට ඇ.ඩො.බි. 2.276ක මාස 48ක විස්තීරණ ණය පහසුකමක් ලබා දෙන්න අනුමැතිය දුන්නා. හරහා  ලංකාවේ ආර්ථිකයමය වෙසන්කම් වලට හා ප්‍රතිපත්තිවලට ආසන්න වශයෙන් ඩො.බිලියක 3ක මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. මේ අර්බුදය විසදීමේ පළමු පියවර හැටියට මේය හදුන්වන්න පුළුවන්. මෙමගින් ලංකාවට මිලියන 330ක් වහාම ගන්න පුළුවන්. මිල ස්ථායිකරණය කර තබා ගැනීම, විදේශ සංචිත දියුණු කිරීම හා වැඩි කර ගැනීම, සහ අඩු ආදායම්ලාභී පවුල් වලට උද්ධමනයෙන් සිදුවන හානිය අවම කර ගැනීම හා ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඇති  හැකියාව වැඩි  කර ගැනීමට මෙමගින් හැකි වෙනවා” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here