Home Local News Room : දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න...

News Room : දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

3
0

ඊයේ පැවත්වුණු ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොලිස්පතිවරයා පිලිබදව සකච්ඡා වී ඇති අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් ලබා නොදෙන ලෙසට මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තදින්ම ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්වය මර්ධනය කිරීමට කිසිදු පියවරක් පොලිස්පති චන්දන වික්‍රමරත්න නොගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කර ඇත.

තවද වසන්ත කරන්නාගොඩ දයා රත්නායක හා රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන්ද පොලිස්පති චන්දන වික්‍රමරත්න 2022 මැයි 09 වනදා ඇතිවූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවත් පොලිස්පතිවරයා ලෙස රාජකාරී පැහැර ඇති බවටත් නිර්දේශ ලබාදී තිබේ.

මෙවන් නිර්දේශ ලබා දී තිබියදී කෙසේවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බව අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.

පොලිස්පති ධුරය සදහා නිර්දේශ වී ඇති දේශබන්ධු තෙන්න්කෝන් ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට ගොස් නිසා බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

තවද ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ගිය දේශබන්ධු තෙන්නකෝන් හට පොලිස්පතිධුරය නොදුනහොත් කිසිදු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බවත් ඒ ආණ්ඩුව රැක ගන්නා රාජ්‍ය සේවකයින්ව ආණ්ඩුව බලානොගන්නා බවට වැරදි මතයක් ඔවුන් අතරට යාමෙන් බවත් මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ප්‍රසන්න රණතුංග ,රමේෂ් පතිරණ,මහින්දානන්ද අළුත්ගමගේ ,චින්තක මායාදුන්නේ,සනත් නිශාන්ත,සහන් ප්‍රදීප්,සංජීව එදිරිමාන්න මධුර විතානගේ ඇතුළු සියළු මන්ත්‍රීවරුන් පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට විරුද්ධ වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here