Home Local News Room : ලංකා හොස්පිටල්ස්, ටෙලිකොම් විකිණීමට කැබිනට් අනුමැතිය – Lanka Truth...

News Room : ලංකා හොස්පිටල්ස්, ටෙලිකොම් විකිණීමට කැබිනට් අනුමැතිය – Lanka Truth | සිංහල

4
0

ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

මේ සම්බන්දයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවය.

මේ අතර ලංකා හොස්පිටල්ස් සමාගමද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50%ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

එමෙන්ම ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here