Home Local News Room : ඛනිජ තෙල් සේවකයන් කෙරෙහි මහ ජනතාව අතර වෛරයක් ඇතිකිරීමට...

News Room : ඛනිජ තෙල් සේවකයන් කෙරෙහි මහ ජනතාව අතර වෛරයක් ඇතිකිරීමට ඇමති දරණ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා – ඛනිජ තෙල් පොදු සේවක සංගමය – Lanka Truth | සිංහල

2
0

මහ ජනතාව හරහා ඛනිජ තෙල් සේවකයන් කෙරෙහි වෛරයක් ඇතිකිරීමට දරණ උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් ඛනිජ තෙල් පොදු සේවක සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අසෝක රංවලගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඛනිජ තෙල් නිකුත් කිරීම සඳහා හඳුන්වාදුන් QR කෝඨාව වෙන්ස් වන දිනය ඉරිදා සිට අඟහරුවාදා දක්වා වෙනස්කොට ඇත්තේ ඛනිජ තෙල් සේවකයින් ඉරිදා දින සේවය කරමින් අනවශ්‍ය ලෙස ලබාගත් අනිකාල විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට බව ඛනිජ තෙල් විෂය භාර ඇමති මාධ්‍යයට ප්‍රාකාශ කොට ඇතත් සත්‍ය වශයෙන්ම ඉරිදා දින සේවයකන් සේවයේ යොදවනු ලැබූවේ ඇමතිවරයාගේම බලහත්කාරී අවශ්‍යතාවය මත බවයි.

ඉරිදා දාන සේවකයින් සේවයෝ නොයෙදවුවහොත් සඳුදා දින ඉන්ධනහල්වල ඉන්ධන හිගයක් ඇති වනු ඇතැයි යන ඇමතිවරයාගේ අනියත බිය නිසා ඇමතිවරයාගේ බලහත්කාරී අවශ්‍යතාවය මත එලෙස ඉදිරිදා දිනවල සේවකයන් සේවයේ යෙදවීමට සිදු වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සමූපූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,

“ඛනිජ තෙල් නිකුත් කිරීම සඳහා හඳුන්වාදුන් QR කෝඨාව වෙන්ස් වන දිනය ඉරිදා සිට අඟහරුවාදා දක්වා වෙනස්කොට ඇත. මෙම වෙනස් කිරීම නිසා ඛනිජ තෙල් සේවකයින් ඉරිදා දින සේවය කරමින් අනවශ්‍ය ලෙස ලබාගත් අනිකාල විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකි වූ බව ඛනිජ තෙල් විෂය භාර ඇමතිවරයා මාධ්‍යයට ප්‍රාකාශ කොට ඇත. එහිදී ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඉරිදා දින සේවය කලේසේවකයින්ට අතිකාල ලබාගැනීමේ කූට අවශ්‍යතාවයක් නිසා බවයි.

මේ මගින් ඇමැතිවරයා විසින් මහ ජනතාව හරහා ඛනිජ තෙල් සේවකයන් කෙරෙහි වෛරයක් ඇතිකිරීමට දරණ උත්සාහය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ඉරිදා දින සේවය කිරීම නිසා සේවකයින් හට ලැබිය යුතු අත්‍යවශ්‍ය අනිකාල ප්‍රමාණයක් ලැබෙන බව සත්‍යයකි. නමුත් මෙම ඉරිදා දින ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාව සදහා සේවයේ යෙදවීම දිගින් දිගටම සිදුකලේ ඇමතිවරයාගේ අවශ්‍යතාවය නිසා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

අප නිළධාරීන්මෙන්ම සේවකයන්ද ඉරිදා දින රාජකාරී කරවීම නතරකරවන ලෙස ඉල්ලීම් කළ අතර හිටපු කළමණාකාර අධ්‍යක්ෂකවරයාත් කිහිප අවස්ථාකදීම ඉරිදා දින රාජකාරී නැවත්වීමට උත්සාහ කළද එය වළක්වන ලද්දේ ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් බව අපි නැවත වරක් වගකීමෙන් ප්‍රකාශ කරමු. එයට හේතුව වූයේ ඉරිදා දින නිවාඩු ලබාදීම ඇමතිවරයා විසින් වළකන ලද්දේ ඉරිදා බෙදාහැරීම් නතර කර කළහොත් සදුදා දින තෙල් පෝලිම් ඇතිවේය යන අනියත බිය නිසාවෙනි.

QR කේතයේ ඉන්ධන කෝඨාව වෙනස් වන දිනය අඟහරුවාදා දිනට වෙනස් වීම යෙදවීමට යෝජනා කළේ බොහෝ කලකට ඉහතදීය. එයද පමා කරවන ලද්දේ ඇමතිවරයාගේ මැදිහත් වීම නිසාවෙනි.

දැන් මේ ඇමතිවරයා සිදුකරමින් සිටින්නේ ලාභ ලබමින් තිබෙන තෙල් සංස්ථාව කැබලිවලට කඩා විකිණීම සදාරණීකරණය කිරීමට බව හොඳටම පැහැදිලි. එනම් මෙහිදී ඛනිජ තෙල් සේවකයින් අකාර්යක්ෂම බවත්, ඔවුන් නිකරුණේ අනිකාල ලබාගන්නා බවත්, එමගින් ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවත්, ජනතාවට ඒත්තු ගන්වා ජනතාවට තෙල් සේවකයින් කෙරෙහි වෛරයක් ඇතිකරවා විකිණීමකදී , විකිණීමට එරෙහිව කරන සටනකදී එයට විරුද්ධව ජනතාව පෙළගැස්සවීමේ ක්‍රියාව කරමින් සිටීම පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර ඛනිජ තෙල් සංස්ථාව අහෝසි කිරීමේ ක්‍රියාවලියට එරෙහිව සිදුකරන සටන දිගටම කරන බවද ප්‍රකාශ කරමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here