Home Local News Room : එදා IMF එක ජනසවිය කපන්න කිව්වේ නෑ! සිසුන්ගේ දිවා...

News Room : එදා IMF එක ජනසවිය කපන්න කිව්වේ නෑ! සිසුන්ගේ දිවා ආහාරය කපන්න කිව්වේ නෑ! නිල ඇඳුම් කපන්න කිව්වේ නෑ! IMF එකත් එක්ක ගනුදෙනු කරන විදිහක් තියෙනවා! එහෙම ‌නොවීමෙන් වෙලා තියෙන විනාශය පේනවනේ! සජිත් කොහිලවත්තට කොලොන්නාවට! VIDEO & PHOTOS

3
0

රටක් දුවන්නට ඇති එන්ජින් සියල්ල අකර්මණ්‍ය වී ඇති මොහොතක කල්පනා කළ යුතු වන්නේ රට ගොඩනගන්නට ඇති ක්‍රමවේද මොනවාද කියා බවත්, බංකොලොත් රට ගොඩනැඟිය හැක්කේ විධිමත් වැඩපිළිවෙලක් තුළින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට පුරා බලවත් ව්‍යසනකාරී තත්ත්වයක් පවතිද්දී රටේ පාලන බලය ලබාගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය වැනි සුබසාධන සුබසාධන ක්‍රියාවලීන් ද, ඇඟලුම් කම්හල් වැනි සංවර්ධන වැඩපිළිවෙලවල් ද ආරම්භ කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් කිසිවෙක් ජනසවිය කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත්,හතළිස් තුන් ලක්ෂ දූදරුවන්ට ලබාදුන් දිවා ආහාරය කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත්,නිල ඇඳුම් කප්පාදු කරන ලෙස ඉල්ලා නොසිටිය බවත් පැවසීය.

ඊට හේතුව වන්නේ එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදි ලෙස ගනුදෙනු කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා කණගාටුවට කරුණ වන්නේ අද එය එලෙස සිදු නොවීම බව ද පැවසීය.
කොළොන්නාව, කොහිලවත්ත ප්‍රදේශයේ පැවති පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ජනතාවට දරාගත නොහැකි තරම් විදුලි බිල ඉහළ දමා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ අන්තනෝමතික පාලනයට එරෙහිව විදුලි බිල නොගෙවෙන වැඩ පිළිවෙලකට යා යුතු යැයි ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here