Home Local News Room : අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩදෙන්න බැහැ – සාලිය...

News Room : අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගහන්න විධායකයට ඉඩදෙන්න බැහැ – සාලිය පීරිස් – Lanka Truth | සිංහල

4
0

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් ඇඟිලි ගැසීමට ඉඩ ලබා දිය යුතු නැති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ වැලිගම පැවති උත්සවයක් අමතමිනි.

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවෙමින් ඇති බවද අධිකරණය විසින් ලබාදී ඇති ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චයකරුවන් පීඩාවට පත්කිරීමට විධායකය උත්සහා කරමින් ඇතැයිද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

නීතීඥ වෘත්තියන් ලෙස ඊට එරෙහිව කටයුතු කළ යුතු යැයිද ඔහු අවධාරණය කරයි.

විධායකය අධිකරණයේ තීන්දුවලට අවනතවීමක් සිදු නොවන්නේ නම්, සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට අවනතවීමක් සිදුවේවිද යන ගැටලුව මතුවන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here