Home Local News Room : A 9ක් ගත් සිසුවා පිච්චූ සිද්ධියේ SSP අමු පචයක්...

News Room : A 9ක් ගත් සිසුවා පිච්චූ සිද්ධියේ SSP අමු පචයක් කියලා! අපරාධකරු හොයන්න විමර්ශන කණ්ඩායම් 3ක් දාපු කතාව අමූළික බොරුවක්! අද උදේවන තුරුත් කිසිම දෙයක් කරලා නෑ! පස්සේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති වැඩේට බහී!

5
0

මෙවර සාපෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් අම්පිටියේ ප්‍රදේශයේ පාසල් සිසුවා භූමිතෙල් දමා පිලිස්සූ අපරාධකරු සෙවීම සඳහා විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි ඊයේ (28) මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ප්‍රකාශ කළත් අද උදෑසන වනතුරු එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මකව නැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මේ තත්ත්වය තුළ අද උදෑසන කරන ලද විශේෂ සමාලෝචනයකින් අනතුරුව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ මැදිහත් වීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් අපරාධකරු සෙවීමට වහාම යොදවා ඇතැයි වාර්ත‍ා වේ.

කුඩු ජාවාරමටත් චෝදනා ලද අම්පිටියේ කපුවා නමැත්තාගේ මෙම ජන පීඩක පාතාල මැර කල්ලියේ ආරක්ෂකයින් සේ මහනුවර පොලිසිය හැසිරෙන බවට චෝදනා එල්ල වී තිබිණි. බුද්ධි අංශ විසින් දැනට මෙම මැර කල්ලිය සම්බන්ධව කර ඇති වාර්තා කිරීම් සිය ගණනක් සම්බන්ධව මහනුවර පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැති වීමත්, ජනතාව තොරතුරු ලබාදෙන විට එම පුද්ගලයින්ගේ අනන්‍යතාව පොලිසිය හරහා අපරාධකරුවන් අත්ට පත් වීමත් නිසා මෙම චෝදනා තහවුරු වී ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

රටම කම්පා කළ දරුවා අමු අමුවේ පුච්චා දැමූ මෙම අපරාධකරු හඳුනාගැනීමෙන් අනතුරුවත් පොලිසිය හැසිරී ඇති ආකාරය බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කර තිබේ.

තම ඇස් ඉදිරිපිට තම දරුවා පුච්චා දැමූ සැකකරුගේ නම පොලිසියට ප්‍රකාශ කිරීමට වින්දිත දරුවාගේ තාත්තා කටයුතු නොකිරීම මේ සංකීර්ණ තත්ත්වයේ ස්වරූපය පෙන්නුම් කරන්නක් බවත් එම ආරංචි මාර්ග කියයි.

මැරයින් විසින් පිච්චූ දරුවා මේ වනවිට තවත් සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.

lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here