Home Local News Room : ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින නියම කරයි –...

News Room : ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින නියම කරයි – Lanka Truth | සිංහල

2
0

හිටපු ඇමති ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ලබන වසරේ ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබේ.

ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියෙහි කැඳවූ අවස්ථාවේදීය.

එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත.

අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දී ඇති මහාධිකරණය නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ වෙළෙඳ ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොන‍ෙකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here