Home Local News Room : ඕමානයට ලංකාවේ කාන්තාවන් යවා ගණිකා වෘත්තීයේ යෙදවු සිද්ධියේ මහමොළකරු...

News Room : ඕමානයට ලංකාවේ කාන්තාවන් යවා ගණිකා වෘත්තීයේ යෙදවු සිද්ධියේ මහමොළකරු බව කියන ‘කුෂාන්’ අද පාන්දර ලංකාවට ඇවිත්! CID එක කටුනායකදීම මාංචු දමයි!

2
0

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමානයේ මස්කට් නුවර සිට අද (29) අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් එම පුද්ගලයා දිවයිනට පැමිණි බව වාර්තා වී තිබිණ.

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් අදාළ පුද්ගලයාට එරෙහිව එල්ල වී තිබුණි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබූ බව වාර්තා වේ.

චෝදනා එල්ල වුව ද ඊ.කුෂාන් නැමැත්තා ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ඔහු විසින් බලපෑම් කරන බවට ද වාර්තා වුණි.

මීට පෙරද එම තැනැත්තා සම්බන්ධයෙන් චෝදනා එල්ල වුව ද බලධාරීන් සමග පවතින සම්බන්ධතා ඔස්සේ ඒවා යටපත් කර ඇති බව ද අනාවරණය වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here