මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.
“හොර ලයිෂන් දෙන හොර DGට එරෙහි නීතිය ක්‍රියාත්මක කරනු, මහවැලි ගග කෙලෙසූ දූෂිත නිලධාරීන් තවමත් නිදැල්ලේ, ඇමතිතුමනි ලේකම්තුමනි හොර සභාපතිට හොර DGට බයද, භූගත ජලය හා පරිසරය විනාශ විනාශකරමින් සිදුකරන මාදම්පේ සිලිකා වැලි ජාවාරම වහා නවතනු, පාලකයින් හා නිලධාරීන් කුණු වලට යට කළ මාදම්පේ ජීවිත යනාදී විරෝධතාපුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.






