Home Local News Room : මෙන්න ප්‍රවෘත්තියක්! බිල ගෙවපු නැති නිසා ඉතිහාසයේ පළමු වතාවට දිඹුලාගල...

News Room : මෙන්න ප්‍රවෘත්තියක්! බිල ගෙවපු නැති නිසා ඉතිහාසයේ පළමු වතාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් කපලා දායි!

2
0

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට දිඹුලාගල ආරණය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් එහි වැඩවාසය කරන දෙසීයයක් පමණ ස්වාමින් වහන්සේලා විශාල පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පළමු වරට විදුලිය ලබා දෙනු ලැබුවේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.

එදා සිටම පැවති සෑම රජයක්ම මෙම සේනාසනයට නොමිලේ විදුලිය ලබා දීමට පියවර ගෙන තිබිණ.

කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් විසින් දිඹුලාගලට කළ සමාජ, ශාසනික මෙහෙය අගය කිරීම ‌සදහා මෙසේ එදා සිටම ජලය සහ විදුලිය ලබා දීමට පියවර ගැණින.

කෙසේවෙතත් මේ වනවිට ලක්ෂ 5ක පමණ හිග විදුලි බිලක් එහි ගෙවීමට ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here