Home Local News Room : චීනයේ අර්බූදයෙන් ඉල්ලුම අඩුවෙයි! ලෝක තෙල් මිල පහළටම බහී! ගිය...

News Room : චීනයේ අර්බූදයෙන් ඉල්ලුම අඩුවෙයි! ලෝක තෙල් මිල පහළටම බහී! ගිය දෙසැම්බරයෙන් පසු අඩුම මිල වාර්තා කරයි!

9
0

ලොව විශාලතම ඉන්ධන ඉල්ලුම්කරු වන චීනය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව වාර්තා වන අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම මිල ද මෙයයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පෙර දිනට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් 2.27ක පහළ යාමක් වාර්තා කරමින් ඩොලර් 81.36ක් ලෙස අද සටහන් වුණි.

වැඩිදුරටත් වාර්තා වන්නේ මේ වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වන පහළම මිල ද මෙය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here