Home Local News Room : පාසල් සිසුන්ට මත්පෙති විකුණමින් සිටි අයෙක් අත්අඩංගුවට – Lanka...

News Room : පාසල් සිසුන්ට මත්පෙති විකුණමින් සිටි අයෙක් අත්අඩංගුවට – Lanka Truth | සිංහල

5
0

පාසල් සිසුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වව්නියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව වව්නියාව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුව, මන්නාරම් පාර, වව්නියාව ලිපිනයේ සිටියදී ඊයේ (27) පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සැකකරු වව්නියාව පූවරසම්කුලම් ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here