Home Local News Room : කෙවිල්ටන් දායකත්වයෙන් ජාතික වෘත්තීය සුදුසුකම පිරිනැමේ…

News Room : කෙවිල්ටන් දායකත්වයෙන් ජාතික වෘත්තීය සුදුසුකම පිරිනැමේ…

3
0

සීමාසහිත කෙවිල්ටන් ඉලෙක්ටි්‍රකල් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම සංවිධාන කළ විදුලි කාර්මික ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මෙහෙයවීමෙන් කෙවිල්ටන් දායකත්වයෙන් ජාතික වෘත්තිය සුදුසුකම (NVQ Level-3) ලැබූ විදුලි කාර්මික ශිල්පීන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය පසුගියදා මහනුවර ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂක/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර, කෙවිල්ටන් සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී නලීන් ජයවර්ධන, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂක යූ.කේ. නන්ද, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත්, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ සභාපති ඩබ්ලිව්.එම්.ඩී. වලිසුන්දර, කෙවිල්ටන් මහනුවර බෙදාහැරීමේ නියෝජිත නිරංජන් පීරිස් යන මහත්වරුන්, ප්‍රදේශයේ කෙවිල්ටන් වෙළෙඳ නියෝජිත මහත්වරුන් සහ කෙවිල්ටන් සමාගමේ නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ කෙවිල්ටන් විදුලි කාර්මික ශිල්පී සමාජය හා සම්බන්ධ විදුලි කාර්මික ශිල්පී මහත්වරුන් රැසක්ද සහභාගී විය. දිනය පුරා තාක්ෂණික දැනුම ඇතුළත් සැසි ගණනාවක් පැවැත්වුණු අතර කෙවිල්ටන් ධන නිධානය 11 වැනි අදියරෙහි වැඩිම ලකුණු රැස්කළ මහනුවර ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පීන් සඳහා සුවිශේෂ ත්‍යාග ප්‍රදානයක්ද සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here