Home Local News Room : දැනට දවසෙ ආදායම කෝටි 653යි! වියදම කෝටි 1705යි! ආණ්ඩුව...

News Room : දැනට දවසෙ ආදායම කෝටි 653යි! වියදම කෝටි 1705යි! ආණ්ඩුව එක දවසට කෝටි 1050ක් ලෝකෙට ණය වෙනවා! ලබන අවුරුද්දේ ඊටත් වැඩියි! පේරාදෙණි මහාචාර්යවරයා හෙළිකරයි!

6
0

ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.

රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.

මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.

රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.

මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here