සමාජවාදී තරුණ සංගමය විසින් මේ වනවිට මහනුවරදී පවත්වමින් තිබෙන “මේක නෙවෙයි ජීවිතේ ජීවිතය දිනන අරගලයට Set වෙමු!” විරෝධතාවයට පොලීසිය මැදිහත්ව සිදු කළ බාධා කිරීම් හේතුවෙන් යම් උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.
එම විරෝධතාවය සඳහා දහස් ගණනක් තරුණ තරුණියන් එක් වී සිටින අතර පොලීසියෙන් බාධා කිරීමත් සමග අවට රැස්ව සිටි ජනතාවද එම විරෝධතාවයට සහාය පලකරමින් එකවනු දක්න ලැබිණි.
පොලීසියේ බාධා කිරීම් මැද මේ වනවිටත් විරෝධතාවයේ නිතර පිරිස පෙළපාලියකින් ඉදිරියට ගමන් කරමින් සිටිති.






