Home Local News Room : ලබන වසරේ මුල පාර්ලිමේන්තුව විසුරුවා හරින්න! කරුණු 4ක් පෙන්වා...

News Room : ලබන වසරේ මුල පාර්ලිමේන්තුව විසුරුවා හරින්න! කරුණු 4ක් පෙන්වා දෙයි! ලංකා සභාවේ කොළඹ දියෝකිසිය රනිල්ට ලියුමක් එවයි!

3
0

ව්‍යවස්ථානුකූලව හැකි වූ විගස ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බව ලංකා සභාවේ කොළඹ දියෝකිසිය පවසයි.

එවිට තමන්ගේ අවශ්‍යතාවයන් පිළිබිඹු කළ හැකි අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි එම දියෝකිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දේශපාලනික වෙනසක් වෙනුවෙන් නායකත්වය දෙමින් සිටින තරුණ අරගලකරුවන්, සිවිල් සමාජ කණ්ඩායම්, ආගමික නායකයන් ඇතුළු පිරිස් මෙන්ම නීතීඥ සංගමය අගය කරන අතර, ඔවුන් ඉදිරි කාලයේදී සිදුකරන වැදගත් කටයුතුවලදී කොළඹ දියෝකිසියේ සහය ලබාදෙන බව ද දුෂාන්ත රුද්‍රිගු එහි කොළඹ රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here