Home Local News Room : මොරවක අධිකරණ බලසීමාවේ සමපෝෂ විකිණීම තහනම් කරයි – Lanka...

News Room : මොරවක අධිකරණ බලසීමාවේ සමපෝෂ විකිණීම තහනම් කරයි – Lanka Truth | සිංහල

3
0

ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් මොරවක අධිකරණ බලසීමාවේ සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුතු අතිරේක ධාන්‍ය ආහාරය මෙම නිෂ්පාදනය, විකිණීම, බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් මෙම නිෂ්පාදන අත්අඩංගුවට ගෙන එම සමපෝෂ සාම්පල් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අනුමත රස පරීක්ෂක වෙත පරීක්ෂාවට යවා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම සාම්පල් වල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවයි. පසුව ඔවුන් මේ බව අධිකරණය ඉදිරියේ වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here