Home Local News Room : සුපිරි ක්‍රීඩක රොනාල්‌ඩෝගේ පෘතුගාලය අනූනවයෙන් බේරෙයි! තව පොඩ්ඩෙන් ආජන්ටිනාවට-ජර්මනියට...

News Room : සුපිරි ක්‍රීඩක රොනාල්‌ඩෝගේ පෘතුගාලය අනූනවයෙන් බේරෙයි! තව පොඩ්ඩෙන් ආජන්ටිනාවට-ජර්මනියට වෙච්ච දේ ඝානාවෙන් සිද්ධවෙයි!

2
0

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ රාත්‍රී පෘතුගාලය සහ ඝානාව අතර පැවැත්විණි.

එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.

එහිදී සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමින් සුපිරි  ක්‍රීඩක  රොනාල්ඩෝ ප්‍රථම ගෝලය වාර්තා කළේය.

ඒ තරගයේ 65 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය.

එම ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.

කෙසේ වෙතත් පහසුවෙන් පරාජය භාරගැනීමට අකමැති වූ ප්‍රවේගකාරී ඝානා කණ්ඩායම තරගයේ 73 වන මිනිත්තුවේදී  සිය ප්‍රථම ගෝලය වාර්තා කළේය.

André Ayew විසින් එම ගෝලය වාර්තා කළේය.

අනතුරුව තරගයේ João Félix තරගයේ 78වන මිනිත්තුවේ දී පෘතුගාලය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේය.

Rafael Leão තරගයේ 80 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ලබාගැනීමට සමත්විය.

අනතුරුව 89 වන මිනිත්තුවේ දී යළි ක්‍රියාත්මක වූ Osman Bukari තවත් ගෝලයක් ඝානා කණ්ඩායම වෙනුවෙන් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here