Home Local News Room : බිල් ගෙවලා නැති නිසා ලයිට් කපන්න ගිය අයගේ බෙල්ලෙන්...

News Room : බිල් ගෙවලා නැති නිසා ලයිට් කපන්න ගිය අයගේ බෙල්ලෙන් අල්ලලා එළියට දාලා! නවීන්ට එරෙහිව උපයෝගීතා කොමිසම පරීක්ෂණයක් අරඹයි!

2
0

කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බව කී රත්නායක මහතා එහිදී හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කළේය.

මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here