Home Local News Room : පොලිස් වෙඩි පහරට එරෙහිව ගමේ මිනිස්සු මහ රෑ ගිහින්...

News Room : පොලිස් වෙඩි පහරට එරෙහිව ගමේ මිනිස්සු මහ රෑ ගිහින් මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට ඉටිපන්දම් පත්තු කරයි!

1
0

මීටියාගොඩ ප්‍රදේශයේ දී ඊයේ (21) පොලිසිය සිදුකළ වෙඩිතැබීමට විරෝධය පළකරමින් වෙඩිවැදීමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එලෙස පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ එම පිරිස පොලීසියෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙසයි.

මීටියාගොඩ මහවෙල ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී සිදුකළ වෙඩිතැබීමක දී මත් ජාවාරම්කරු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි අයකු වන අතර, ඔහුගේ වම් පාදයේ වළලුකර ප්‍රදේශයට වෙඩි වැදී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here