අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි තව දුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත.
පසුගිය අගෝස්තු මස 19 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙම නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 03ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ ලොව 16 වැනි ස්ථානයේය.
මේ අනුව ආසියානු කලාපයෙ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රට වන්නේද ශ්‍රී ලංකාවය. පසුගිය සැප්තැම්බර් මසදී පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීම මෙම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
මෙහි පෙරමුණේ සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාව පසුවන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නවසීලන්තය හා එංගලන්තය හිමිකරගෙන ඇත.






