Home Local News Room : ගෝටා, රනිල් බදු සංශෝධන 35ක් සිදු කරයි – Lanka...

News Room : ගෝටා, රනිල් බදු සංශෝධන 35ක් සිදු කරයි – Lanka Truth | සිංහල

2
0

පලවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වනවිට බදු සංශෝධන 35ක් සිදු කර තිබේ.

මෙම බදු සංශෝධන ජනවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක කර ඇති අතර සංචාරක හෝටල්වල මධ්‍යසාර බලපත්‍ර ගාස්තුව මාස 03ක් දක්වා නිදහස් කර ජනවාරි 11 වෙනි දින පොදු ජනතාව මත බලපාන සහල් සහ සීනි මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීම දීර්ඝ කර ඇත. මෙලෙස පොදු ජනතාව මත ඉතා ඉහළ බදු පැනවීම් දිගින් දිගටම සිදු කරමින් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මෑතකාලීන ආර්ථික ප්‍රවනතා – 2022 සුවිශේෂ සිදුවීම් සහ 2023 අපේක්ෂා යන ප්‍රකාශනයේ 116 වෙනි පිටුවේ සිට 122 පිටුව දක්වා අදාල බදු සංශෝධන පිළිබඳ සවිස්තර වාර්තාවක් අමුණා තිබේ. වැට් බදු අනුපාතික ඉහළ දැමීම, ඒ වනවිට පැවති සෙස් බදු ධීර්ඝ කිරීම සහ අලුතින් බදු පැනවීම, ආදායම් බදු අනුපාත ඉහළ දමමින් එම බද්දට යටත් කෙරුණු ආදායම විශාල වශයෙන් පහත හෙළීම යන විවිධ ආකාරයෙන් ජනතාව මත විශාල බදු බරක් පටවා ඇත.

මහ බැංකුවේ එම වාර්තාවෙන් හෙළිවන තොරතුරු අනුව සාමාන්‍යයෙන් මාසයකට බදු සංශෝධන 03කට වැඩියෙන් සිදු කර තිබේ. ගෝටාබය රාජපක්ෂගේ පූර්ණ අනුදැනුම ඇතිව ලබා දුන් සීන් බදු වංචාවෙන් රජයට රුපියල් කෝටි 1600ක ආදායමක් අහිමි කර තිබිණි. එයින් 30%ක ප්‍රමාණයක් අයකර ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය ඇහති රංජිත් සියඹලා පිටිය ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here