Home Local News Room : පාසල් දරුවෝ ටික පාර්ලිමේන්තු ගැලරියේ තියාගෙන ආණ්ඩුව කරපු වැඩේ!...

News Room : පාසල් දරුවෝ ටික පාර්ලිමේන්තු ගැලරියේ තියාගෙන ආණ්ඩුව කරපු වැඩේ! ශිරන්ත අමරසේකර සජිත්ව ජාඇලට අරන් එයි! (VIDEO & PHOTOS)

2
0

අයවැය කතාව නරඹන්න පාසල් දූ දරුවන් පැමිණි සිටි අවස්ථාවේ අයවැය කතාවෙන් ඔවුන් ඇතුලු 43 ලක්ෂයක් වූ පාසල් සිසු දරුවන්ගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දරුවන් විශ්වාස කළේ ශක්තිමත් අනාගතයක් ඇති කිරීම සඳහා රටේ පාලකයන් දිරිය ශක්තිය ලබා දෙනු ඇති බවත්, තමන්ට දිවා ආහාරය ලබා දීමට මුදල් වෙන් කරනු ඇති බවත් වුවද එය එසේ සිදු නොවූ බවත් මේ වන විට පාසල් බෑග්, කවකටු පෙට්ටි ඇතුළු සියලුම පාසල් දූ දරුවන්ට අවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා මේ රට පාලනය කරන ආර්ථික ඝාතක ජන ඝාතක සහ රට ඝාතනයට ලක් කළ කොට්ඨාසය විසින් ඇමති වරදාන වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ හේතුව නිසා පාසල් දූ දරුවන්, ඔවුන්ගේ දෙමාපියන් මෙන් ම නූපන් දරුවාගේ සිට ගර්භනී මව්වරු දක්වා ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා සියලු දෙනා අසරණ වී ඇති බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජයට අවශ්‍ය වී ඇත්තේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කර මේ රටේ මෝඩයන් පිරිසක් බිහි කිරීමට බවත් ය. මහාමාර්ගවලට, අධිවේගී මාර්ගවලට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කිරීමට පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කර ගර්භනී මවගේ පෝෂණ සලාකය ලබා දීමට ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු විය යුතු බවත්,එහෙත් මේ ආණ්ඩුවට ජන දුක නොතේරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ ජාඇල බලමණ්ඩල රැස්වීම අමතමිනි.

විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කර සිටියේ මේ රටට අවශ්‍ය මනුෂ්‍ය දුක, ජන දුක හඳුනන ආණ්ඩුවක් බවත් දුකෙක් පෙළෙන ජනතාව සැප සලසන ආණ්ඩුවක් බවත් ය. විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ දී ජනතා කැමැත්ත මත පොදු ජන ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here