ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාල තෙවැනි ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවත් වාර්තා වේ.






