Home Local News Room : ඔස්ට්‍රේලියාවත් එලවනවද? තීරණය හෙට අපේ අතේ!

News Room : ඔස්ට්‍රේලියාවත් එලවනවද? තීරණය හෙට අපේ අතේ!

2
0

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව අද ලකුණු 4 කින් ජය ගැනීමත් සමගින් 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(04) සිදුවිය.

ඒ අනුව හෙට ශ්‍රී ලංකාව සහභාගීවන එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, අවසන් පූර්ව වට⁣ය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාව නොමැත.

නමුත් හෙ⁣ට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ.

ඒ, එවිට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනටමත් තමන් සතු දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන බැවිනි.

හෙට තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි.

ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි.

එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ.

දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here