කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී මිය ගිය පොලිස් සැරයන්වරයා පශ්චාත් උසස්වීම් පදනම යටතේ උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල් නිලධාරී මහතා තම ස්වකීය රාජකාරිය ඉටු කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත් වූ බව එම නිවේදනයේ දැක්වේ.
මිය ගිය පොලිස් නිලධාරියා ඔක්තෝබර් 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට නියෝග කර ඇත.
නිලධාරීවරයාගේ අවමංගල්‍ය කටයුතු හෙට (නොවැ. 3) දින වාරියපොළ, සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදී පූර්ණ පොලිස් ගෞරවචාර මැද සිදු කිරීමට නියමිත ය.






