Home Local News Room : ජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

News Room : ජොන්ස්ටන්ට එරෙහි නඩු ගැන අල්ලස් කොමිසමට නියෝගයක්

5
0

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩු 3ක මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැ. 1) අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතුවලට යෙදවීම මගින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් විසින් කොමිසම සැකකරුවන්ට එරෙහිව මෙම නඩු ගොනු කරනු ලැබ ඇත.

කොළඹ මහාධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස විසින් මෙම නඩු නිෂ්ප්‍රභ කර තම සේවාදායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාර දෙනු ලැබ ඇත.

ඒවා භාර ගැනීමෙන් පසු අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ, ඊට අදාළ පැමිණිල්ලේ ලිඛිත දේශන දෙසැම්බර් 9 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

පෙර ලිපියආණ්ඩු පක්ෂයේ රට සවාරිවලට කැබිනට් එකෙන් වැට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here