Home Local News Room : සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පත් කෙරෙති

News Room : සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පත් කෙරෙති

2
0

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔක්තෝබර් මස 22 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කරනු ලැබ ඇත.

අංක 2304/14 දරන අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත් කර ඇති අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස්. සිරිවර්ධන එහි සෙසු සාමාජිකයින් වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

පෙර ලිපිය“චීනය-ජපානය හා ඉන්දියාව එක්ක ගිවිසුමකට ගිහින් IMF යන එක වාසිදායකයි” – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here