Home Local News Room : සැත්කමකට හදවත ගන්න මොළය මැරුණු රෝගියා ගුවනින් කොළඹට

News Room : සැත්කමකට හදවත ගන්න මොළය මැරුණු රෝගියා ගුවනින් කොළඹට

3
0

හදවත් සැත්කමක් සඳහා ශරීරාංග යොදා ගැනීමේ අරමුණින් හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවන් හමුදා බෙල් 412 යානයකින් ඊයේ (ඔක්. 31) ප්‍රවාහනය කොට තිබේ.

පළමු වරට සිදුවූ මෙම සුවිශේෂී ගුවන් මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව සිදු කොට ඇත.

ගිලන් රථයක් ලෙස යොදා ගැනුණු මෙම හෙලිකොප්ටර් යානාව ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බළගණයට අයත් යානාවක් බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ ය.

මොළය මියගිය මෙම පුද්ගලයාගේ ශරීර අවයව හදවත් සැත්කමට සේම වෙනත් ශරීරාංග බද්ධ කිරීම්වලට ලබාදීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

පෙර ලිපියසත්කාරකයන් ලකුණු සටහනේ දෙකට පනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here