Home Local News Room : සත්කාරකයන් ලකුණු සටහනේ දෙකට පනියි

News Room : සත්කාරකයන් ලකුණු සටහනේ දෙකට පනියි

1
0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31දා) අයර්ලන්තයට එරෙහිව ලකුණු 42ක ජයක් ලැබූ සත්කාරක ඕස්ට්‍රේලියාව පළමු කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැනගත්තේය.

ඒ අනුව බි්‍රස්බේන්හි ගැබා පිටියේදී පැවැති මෙම තරගයේ සත්කාරකයන් කඩුලු 5කට ලැබූ ලකුණු 182ට පිළිතුරු සැපයූ අයර්ලන්තයට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි.

ඕස්ට්‍රේලියාවෙන් එල්ල වූ ලකුණු 180ක ඉලක්කයක් පසුපස ගිය අයර්ලන්තයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 18ක් වුවද එක්වරම ලකුණු 25කට කඩුලු 5ක් ලෙස පත්වීමත් සමඟ ඕස්ට්‍රේලියානුවන් වේලාසනින්ම ජයග්‍රහණයේ මාවත විවර කරගත්තේය.  නොදැවී ලකුණු 71ක් ලබාගත් ලෝකන් ටකර් අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභීයා බවට පත්විය.

කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ ඕස්ට්‍රේලියානු නායකයා ලැබූ ලකුණු 63 හා ස්ටොනිස් ලැබූ ලකුණු 35 හේතුවෙන් ලකුණු 179ක විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඕස්ට්‍රේලියානුවන්ට හැකිවිය.

ලකුණු සටහන

ඕස්ට්‍රේලියාව (පන්දුවාර 20කදී කඩුලු 5කට) 179 (ආරොන් ෆින්ච් 63, මාකස් ස්ටොයිනිස් 35, මිචෙල් මාෂ් 28, බැරී මැකාර්ති 3/29)

අයර්ලන්තය (පන්දුවාර 18.1කදී සියලු දෙනා දැවී) 137 (ලෝකන් ටකර් නොදැවී 71, මැක්ස්වෙල් 2/14, සම්පා 2/19, කමින්ස් 2/28, ස්ටාක් 2/43)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here