අද (ඔක්. 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
එමෙන් ම, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10කින් පහළ දැමීමට එම සංගමය තීරණය කර ඇත.






