අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ප්‍රතිකාර ලබන පාසල් වියේ පසුවන බොහෝ දරු දැරියන් ඊට යොමු වී ඇත්තේ රූපලාවණ්‍යාගාරවලින් යැයි අන්තරායකර ඖෂධ නියාමන අධිකාරියේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා මහත්මිය පැවසුවා ය.
එසේ ම, අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ප්‍රවණතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරන්නේ යැයි ද නිලංකා මහත්මිය කීවා ය.
ලක්මී නිලංකා මහත්මිය මේ බව පැවසුවේ, පාසල් ශිෂ්‍ය ප්‍රජාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වාලීම සඳහා කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ය.
එනිසා රූපලාවණ්‍ය කටයුතු සඳහා දරු දැරියන් යන අවස්ථාවලදී ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි මවුපියන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහත්මිය කීවා ය.
කොළඹින් දුර බැහැර ප්‍රදේශවල මෙසේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන බලධාරීන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යැයි ද නිලංකා මහත්මිය එහිදී වැඩිදුරටත් පැවසුවා ය.
- කුමුදු උපුල් ශාන්ත, කුලියපිටිය – ශාඛ්‍ය ඉඳුවර
The post පාසල් දරු දැරියන්ට රූපලාවණ්‍යාගාර ‘අයිස්’ගාර වෙලා appeared first on මව්බිම.






