Home Local News Room : පුරාවස්තු සොයන්න කැණීම් කළ 8ක් අත්අඩංගුවට

News Room : පුරාවස්තු සොයන්න කැණීම් කළ 8ක් අත්අඩංගුවට

4
0

මාවතගම, කහපතිවල ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම සැකකරුවන් 8 දෙනා කැණීම් කිරීමට යොදාගත් උපකරණ, පූජා භාණ්ඩ හා ඔවුන් පැමිණි කැබ් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 54ත් අතර වයස්වල පසුවන මාවතගම, පේරාදෙණිය, කහපත්වල, නුවරඑළිය හා වේවැල්දෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් අද (ඔක්. 31) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here