Home Local News Room : ඉන්දියාවේ පාලමක් කඩා වැටී 132ක් මරුට: ශ්‍රී ලංකා ජනපති...

News Room : ඉන්දියාවේ පාලමක් කඩා වැටී 132ක් මරුට: ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවට ශෝකය පළ කරයි

0
0

ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් කාන්තාවන්, ළමයින් හෝ වැඩිහිටියන් බව ප්‍රාදේශීය නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි නගරයේ ඇති පාලමක් එලෙස කඩා වැටී ඇති අතර එය අලුත්වැඩියා කර සතියකට පෙර නැවත විවෘත කිරීමෙන් පසු කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මච්චු ගඟේ ඉහළින් මීටර් 230 (අඩි 754) දිගැති එම පාලම 19 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ය.

පොලිසිය, හමුදා සහ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් ඊයේ (ඔක්. 30) රාත්‍රිය පුරා ම ක්‍රියාත්මක වී ඇත.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වන විට පුද්ගලයින් 177කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.

ජනතාව දීපවාලි උත්සවය සැමරීම සඳහා එම පාලම මතින් ගමන් කරමින් සිටි අවස්ථාවේ ඒ මත අධික තදබදයක් ඇති වී තිබේ.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයට සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම සිදුවීමෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here