Home Local News Room : අපට මඩ නොගහා ඡන්දයක් තියන්න

News Room : අපට මඩ නොගහා ඡන්දයක් තියන්න

0
0

අපේ ජනතා ආකර්ෂණය ගැන ප්‍රශ්න තියෙනවා නම් සජබෙයි, පොහොට්ටුවෙයි මහත්තුරු අපිට මඩ නොගහා ඡන්දයක් තියන්නැයි ජවිපෙ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. “දැන් සජිත්ලගෙයි, පොහොට්ටුවෙයි කණ්ඩායම් වැඩිපුරම වේදිකාවේ පහර දෙන්නේ ජාතික ජන බලවේගයට. ඇයි ඒ. ජනතා ආකර්ෂණය වැඩියෙන්ම තියෙන්නේ ජාතික ජන බලවේගයට.

ඒක හරියටම බලාගන්න ඕන නම් ඡන්දයක් තියපල්ලා තැන තැන වේදිකාවල අපිට මඩ ගහ ගහ ඉන්නේ නැතුව. අපි ජාතික ජන බලවේගයේ ආසන සභා පිහිටුවන්නේ මේ වාගේ සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කර ගනිමින්, ජාතික ආර්ථිකයට ඒ ඒ ප්‍රදේශවලින් උපරිම දායකත්වයක් ලබාදී රට ගොඩනැඟීම ඉලක්ක කරගෙනයි. ඒ වෙනුවෙන් වහාම මැතිවරණයක් දිනාගත යුතුයි. එහි දී ජාතික ජන බලවේගය රටේ පාලන බලය ලබා ගැනීමෙන් සැලැසුම්සහගත ආර්ථිකයකින් රට ගොඩනැඟිය හැකියි.

1994දී අපේ අපනයන ආදායමත්, වියට්නාමයේ අපනයන ආදායමත් සමානයි. නමුත්, ඒ අයගේ දෙදහස් විසිදෙකේ අගෝස්තු මාසයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන තිස්එකක්. අපේ රටේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන ‍ෙදාළහයි. මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට ජාතික ජන බලවේගයේ අපි සූදානම්, යැයි හෙතෙම  වැඩිදුරටත් පැවසීය.

අනුරාධා හේරත්

පෙර ලිපියබිත්තර එක එක රසට එක එක විධියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here