Home Local News Room : අත්තනගලු ඔයට පැන කාන්තාවක් දිවි නසා ගනී

News Room : අත්තනගලු ඔයට පැන කාන්තාවක් දිවි නසා ගනී

2
0

ගම්පහ නගරයේ අත්තනගලු ඔයට පැන සියදිවි නසාගත් කාන්තාවකගේ මළ සිරුරක් අද (ඔක්. 30) උදෑසන ගම්පහ පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, වයස අවුරුදු 50ක් පමණ වන අදාළ කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව පොලිසිය ප්‍රකාශ කළ බව ය.

ගම්පහ – මිනුවන්ගොඩ අලුත් පාරේ, පාලම උඩ කාන්තාවක් හඬමින් සිට ඇති බව ත් පසුව එම කාන්තාව පාලම මත සිට ඔයට පැන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසා ඇත.

මළ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක අංශය කැඳවීමට ද පොලිසිය කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here